නිදන්ගත වකුගඩු රෝගය

-නිදන්ගත වකුගඩු රෝගය

වකුගඩු ක්‍රියාකලයුතු අකාරයටම ක්‍රියා නොකරණ, මෙම නිදන්ගත වකුගඩු රෝගය (CKD) දීර්ඝකාලීන රෝගී තත්වයකි.

බොහෝ විට මෙය වයස්ගත වීමත් සමග දැකිය හැකි පොදු තත්වයකි. කළු ජාතිකයන් සහ දකුණු ආසියාතිකයන් අතර මෙම රෝගය බහුල වුවද ඔනෑම කෙනෙකුට මෙම රෝගය වැළඳිය හැක. නිදන්ගත වකුගඩු රෝගය ක්‍රමයෙන් නරක අතට හැරෙන අතර අවසානයේ වකුගඩු සම්පුර්ණයෙන්ම අක්‍රිය විය හැකිය. නමුත් මෙය අසාමාන්‍ය වේ. වකුගඩු රෝගයට ගොදුරු වූ බොහෝ දෙනෙක් දිගු කලක් ජීවත් වන අතර බොහෝවිට සාමාන්‍ය ජීවිතයක් ගත කරති.

නිදන්ගත වකුගඩු රෝගයේ රෝග ලක්ෂණ

සාමාන්‍යයෙන් මුල් අවධියේදී වකුගඩු රෝගයේ රෝග ලක්ෂණ නොමැත. වෙනත් හේතුවක් සඳහා රුධිරය හෝ මුත්‍රා පරීක්ෂණ සිදු කිරීමෙන් පමණක්, ඔබගේ වකුගඩුවල ඇතිවිය හැකි ගැටළු හඳුනා ගත හැකිය. එය වඩාත් ඉහල අදියරකට පැමිණි පසු පහත සඳහන් රෝග ලක්ෂණ දැකිය හැක:

ඔබට දිගටම පවතින හෝ කනස්සල්ලට පත් වන, වකුගඩු රෝගයට හේතුවිය හැකි, රෝග ලක්ෂණ තිබේනම් ඔබගේ වෛද්‍යවරයා හමුවන්න.

නිදන්ගත වකුගඩු රෝගයට හේතු

සාමාන්‍යයෙන් වකුගඩුවලට ආතතියක් ඇතිවිය හැකි අනෙකුත් තත්ත්ව හේතුවෙන් වකුගඩු රෝගය ඇතිවිය හැකිය. බොහෝ විට මෙය විවිධ ගැටළු එකතුවක ප්‍රතිඵලයක් වේ. නිදන්ගත වකුගඩු රෝගයට පහත කරුණු හේතු විය හැක:

  • අධි රුධිර පීඩනය මේ නිසා කාලයත් සමඟ වකුගඩුවල ඇති කුඩා රුධිර නාල ආතතියට ලක්විය හැකි අතර එම නිසා වකුගඩුවල නිසි ක්‍රියාකාරිත්වය නතර විය හැක
  • දියවැඩියාව - ඔබේ රුධිරයේ අධික ග්ලූකෝස් ප්‍රමාණය නිසා වකුගඩු වල කුඩා පෙරහන් වලට හානි විය හැකිය
  • ඉහල කොලෙස්ටරෝල් - වකුගඩු වලට රුධිරය සපයන රුධිර නාලවල මේදය එකතු වී තැන්පතු වීම නිසා ඒවාට නිසියාකාරව ක්‍රියාකිරීමට නොහැකි වීම
  • වකුගඩු අසාධන
  • ග්ලොමෙරුලෝනේෆ්රයිටිස් (Glomerulonephritis) – වකුගඩු ප්‍රධාහය
  • පොලිසිස්ටික් වකුගඩු රෝගය (Polycystic kidney disease) - මෙය වකුගඩුවල ඇති විය හැකි ගැටිති යනුවෙන් හැදින්වෙන සෛල වල වර්ධනයක් වන අතර පරම්පරාවෙන් උරුම වන තත්වයකි
  • මුත්‍රා ගලායාමේ අවහිරකම් -නිදසුන් ලෙස, නිතර ඇතිවන වකුගඩු ගල් හෝ විශාල වී ඇති පුරස්ථිති ග්‍රන්ථි නිසා
  • දිගුකාලීන, නිතරම භාවිතා කරන සමහර ඖෂධ - ලිතියම් (Lithium) සහ ස්ටෙරොයිඩ් නොවන ප්‍රතිප්‍රධාහ ඖෂධ (NSAIDs) වැනි

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට වෙනස් කම් ඇති කිරීම, මේ සඳහා බලපෑ හැකි අනෙකුත් තත්වයන් හොඳින් පාලනය කිරීම මගින් ඔබට නිදන්ගත වකුගඩු රෝගය වලක්වා ගත හැකිය.

නිදන්ගත වකුගඩු රෝගය සඳහා පරීක්ෂණ

රුධිරය සහ මුත්‍රා පරීක්ෂාවන් තුලින් නිදන්ගත වකුගඩු රෝගය හදුනා ගත හැකිය. මෙම පරීක්ෂණ මගින් ඔබගේ රුධිරයේ හා මුත්‍රා වල අඩංගු යම් ද්‍රව්‍ය වල ඉහල මට්ටමක් දැකිය හැකි නම්, එමගින් ඔබගේ වකුගඩු නිසියාකාරව ක්‍රියා නොකරන බව සොයා ගත හැක. ඔබ වකුගඩු රෝගය වැළඳීමේ ඉහල අවධානම් තත්වයක සිටීනම්, නිදසුනක් ලෙස; ඉහත සඳහන් කරන ලද තත්වයක් ඇත්නම් ඔබට වකුගඩු රෝගය සඳහා නිතිපතා පරීක්ෂණ කිරීම සඳහා උපදෙස් ලැබෙනු ඇත. එසේ කිරීමෙන්, මුල් අවධියේදී මෙම රෝගය හඳුනා ගත හැක. ඔබේ රුධිරය හා මුත්‍රා පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඔබේ වකුගඩු රෝගයේ. කුමන අදියර ද යන්න තීරණය කල හැක. මෙම අගයන් මගින් ඔබගේ වකුගඩු වලට ඇතිවී ඇති හානිය කොතරම් ද යන්න පෙන්නුම් කෙරේ. එය ඉතා වැඩි අගයක් පෙන්වන්නේ නම් ඉතා බරපතල තත්වයේ නිදන්ගත වකුගඩු රෝගය ඔබට වැළඳී ඇත.

නිදන්ගත වකුගඩු රෝගය සඳහා ප්‍රතිකාර

මෙම අගයන් මගින් ඔබගේ වකුගඩු වලට ඇතිවී ඇති හානිය කොතරම් ද යන්න පෙන්නුම් කෙරේ. එය ඉතා වැඩි අගයක් පෙන්වන්නේ නම් ඉතා බරපතල තත්වයේ නිදන්ගත වකුගඩු රෝගය ඔබට වැළඳී ඇත. ඔබේ ප්‍රතිකාර ඔබේ වකුගඩු රෝගය කොතරම් බරපතලද යන්න මත රදා පවතී. ප්‍රධාන ප්‍රතිකාර වන්නේ,:

  • ඔබට හැකි තරම් සෞඛ්ය සම්පන්නව සිටීම සහතික කිරීම සඳහා ජීවන රටාවේ වෙනස්කම්
  • අධි රුධිර පීඩනය සහ අධි කොලෙස්ටරෝල් වැනි ආශ්‍රිත ගැටළු පාලනය කිරීමට ඖෂධ
  • කාන්දු පෙරණය (ඩයලසිස්) (Dialysis) - සමහර වකුගඩු ක්‍රියාකාරකම් නැවත සකස් කිරීම සඳහා ප්‍රතිකාර - මෙය බරපතල වකුගඩු රෝගය සඳහා අවශ්‍ය විය හැක
  • වකුගඩු බද්ධ කිරීම - මෙය බරපතල මට්ටමේ වකුගඩු රෝගය සඳහා අවශ්‍ය විය හැකිය

ඔබේ තත්වය නිරීක්ෂණය කිරීම සඳහා නිතිපතා පරීක්ෂා කිරීම සඳහා ඔබට උපදෙස් ලැබෙනු ඇත.

නිදන්ගත වකුගඩු රෝගයේ ඉදිරි දැක්ම

නිදන් ගත වකුගඩු රෝගය, රෝග ලක්ෂණ කිසිත් නොපෙන්වන මෘදු තත්වයේ සිට වකුගඩු ක්‍රියා විරහිත විය හැකි බරපතල තත්වය, සමහර විට වකුගඩු අකරණිය ලෙස හැදින්වෙන තත්වය දක්වා පරාසයක පැවතිය හැක. නිදන්ගත වකුගඩු රෝගය සහිත පුද්ගලයින්ට ඔවුන්ගේ ඖෂධ හා නිරන්තර පරීක්ෂාවන් සමඟ ඔවුන්ගේ තත්ත්වය පාලනය කිරීමට හැකි වනු ඇත. නිදන්ගත වකුගඩු රෝගය ඇති එහෙත් වකුගඩු අකරණිය තත්වයට පත් වන්නේ රෝගීන් 50 දෙනෙක්ගෙන් එක් අයෙකුට පමණි. නමුත් ඔබට නිදන්ගත වකුගඩු රෝග තත්වය ඇත්නම් එය මෘදු මට්ටමේ වුවද ඔබට හර්ද රෝග වැනි අනෙක් බරපතල ගැටළු වර්ධනය කිරීමේ වැඩි අවධානමක් ඇත. මෙය හදවත් රෝග සහ ආඝාතය ඇතුළුව හදවත හා රුධිර නාල වලට බලපාන තත්වයන් සමුහයකි. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට ඔබගේ ජීවිතය වෙනස් කිරීම හා ඖෂධ වලින් මෙම තත්වයේ වර්ධනයේ අවධානම අඩු කිරීමට පුළුවන් වුවද, වකුගඩු රෝගය ඇති අයගේ මරණය සඳහා බලපාන ප්‍රධාන හේතුන්ගෙන් එකක් වන්නේ හර්ද රෝග ය.